ආහාර ප්‍රතිපත්ති කමිටුව ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය
2022-10-04 14:45:51
Share with:

ආහාර ප්‍රතිපත්ති කමිටුව ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හි‍මිවෙයි.  තවත් යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

නිෂ්පාදකයින්, වෙළෙදුන් හා පාරිභෝගිකයින් අතර විශ්වාසය ගොඩනැගීම හා දිගුකාලීන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති කමිටුව ස්ථාපිත කර ඇත. ජනාධිපති ලේකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් අදාළ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් එම කමිටුව පිහිටුවීමට නියමිතයි.

වාර්ෂිකව රුපියල් බිලියන 4 ක් පමණ වැයකරමින් සිසුන් මිලියන 1.08 ක් ඉලක්ක කර ගනිමින් දිවා ආහාර වැඩසටහන මේ වනවිටත් ක්‍රියාත්මකයි. මෙම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කර තවත් පාසල් සිසුන් මිලියනයකට පමණ පෝෂ්‍යදායී දිවා ආහාරවේලක් ලබාදීම සදහා අවශ්‍ය පියවර ගැනීමට යෝජිතයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම