අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් නිවාස 2000ක්
2022-10-03 16:41:40
Share with:

අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2,000ක් එළඹෙන 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගනගරයේ පමණක් නොව අර්ධ නාගරික ප්‍රදේශවල ද මෙම නිවාස ඉදි කරන බව ජනාධිපතිවරයා කීය.

ග්‍රාමීය මෙන්ම නාගරිකව වාසය කරන අඩු ආදායම් ලාභී පවුල්වල නිවාස අවශ්‍යතාව කාර්යක්ෂම සහ මානුෂීය මුහුණු වරකින් විසඳීම රජයේ ඉලක්කය බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය 4 වනදාට යෙදෙන 36 වන ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ප්‍රකාශයක් කරමිනි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම