ඉන්දුනී‍සියා‍වේ පා‍පන්දු ක්‍රීඩාංගනයක තෙරපීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂාවට විමර්ෂණ කණ්ඩායමක්
2022-10-03 14:37:57
Share with:

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ තෙරපීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ෂණ කණ්ඩායමක් ස්ථාපිත කෙරේ.

ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍යවරයා අද(3) පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.නැගෙනහිර ජාවා පළාතේ ක්‍රීඩාංගනයක සිදු වූ පාපන්දු ලෝලීන් අතර තෙරපීමේ සිද්ධිය කෙරෙහි විමර්ෂණය කරමින් සැකකරුවන් සොයා ගැනීමට සහය ලබා දීම සඳහා එම ස්වාධීන විමර්ෂණ කණ්ඩායම පිහිටුවන බව හෙතෙම පැවසීය.

පසුගිය පළමුදා රාත්‍රියේ, ඉන්දුනීසියාවේ Kanjuruhan ක්‍රිඩංගනයේ පැවති පාපන්දු තරගයක් අතරතුර ප්‍රචණ්ඩ ක්‍රියා සිදු විය. සිය ගණනක් පුද්ගලයන් දොරටුවලින්පිටව යාමට උත්සාහ කළ අතර අදාළ පිරිස කලබලයට පත් වී තෙරපීමක් සිදු විය.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම