සංස්කෘතික, බහු-ආගමික සහ බහු-වාර්ගික බව සමාජ පොහොසත්කමක් ලෙස තර්ජනයක් නොවන බව එක්සත් ජාතීන් ගේ මහ ලේකම්වරයා පවසයි
2022-10-03 19:01:55
Share with:

සාමය සහ අන්‍යෝන්‍ය ගෞරවයේ වැදගත්කම සිහිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා ජාත්‍යන්තර අවිහිංසාවාදී  දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරයි.

ජාත්‍යන්තර අවිහිංසාවාදී දිනයෙන් මහත්මා ගාන්ධිතුමන් ගේ උපන්දිනය සැමරීම පමණක්  නොව, දශක ගණනාවක් පුරා ඔහු මූර්තිමත් කළ සාරධර්ම, සාමය‍ මෙන්ම අන්‍යෝන්‍ය ගෞරවය ද ඉන් පිළිබිඹු වන බව හෙතෙම කියා සිටී. සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔරොත්තු දෙන යටිතල පහසුකම් ගොඩනඟා ගැනීම සහ දේශගුණික විපර්යාසවල බලපෑම්වලින් ජනගහනය ආරක්ෂා කරමින්, සියලු පුද්ගලයන් ගේ අයිතිවාසිකම් සහ අභිමානය සුරක්ෂිත කිරීම සහ තහවුරු කිරීමට පියවර ගත යුතු බව ද එක්සත් ජාතීන් ගේ මහ ලේකම්වරයා කියා සිටී. සංස්කෘතික, බහු-ආගමික සහ බහු-වාර්ගික බව සමාජ පොහොසත්කමක් මිස තර්ජනයක් නොවන බව ද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම