"නෝර්ඩ් ස්ට්‍රීම්" නල කාන්දුව දිය යට පිපිරීමකින් සිදුවූවක් බව පරීක්ෂණ වාර්තාවකින් හෙළිවෙයි
2022-10-02 14:05:23
Share with:

බෝල්ටික් මුහුදේ පිහිටි "නෝර්ඩ් ස්ට්‍රීම්" ගෑස් නල මාර්ගයට අදාළ කාන්දුවීම් හතරක් සිදුවූයේ පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් සිය ගණනක් හා සමාන දිය යට පිපිරීමකින් බව ඩෙන්මාර්කය සහ ස්වීඩනය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ වාර්තාවක සඳහන් වේ.

දැනට සියලුම තොරතුරුවලින් පෙනීයන ආකාරයට, එම පිපිරීම් හිතාමතා කළ මෙහෙයුමක් බව ජගත් සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කර ඇති මෙම වාර්තාව පෙන්වා දෙයි. කෙසේ වෙතත්, වොෂින්ටනය සහ මොස්කව් එහි වගකීම ප්‍රතික්ෂේප කර ඇති නිසා පිපිරීමට හේතුව තවමත් අභිරහසක්ව පවතී.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම