උතුරු ඉන්දියාවේ රිය අනතුරකින් 20 කට අධික පිරිසක් ජීවිතක්ෂයට
2022-10-02 14:28:11
Share with:

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, කාන්පූර් හි ඊයේ (01) සවස සිදුවූ රිය අනතුරකින් 20 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වෙති. ළමුන් 10 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙකු ඊට ඇතුළත්ය. වාහනය පෙරළීගොස් පොකුණකට වැටීම නිසා තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇතැයි ද ප්‍රාදේශීය පොලීසිය පවසයි.

 තුවාලකරුවෝ ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටිති.

අනතුරට පත් රථයේ පුද්ගලයන් 50 දෙනෙකු පමණ සිටි අතර, ඔවුන් අසළ නගරයේ පිහිටි පන්සලක සිට ආපසු නිවස බලායමින් සිටි බව ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙකු චීන මාධ්‍ය වෙත පවසා ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම