රාජ්‍ය සේවක වැටුප් පිළිබඳ නිවේදනයක්
2022-10-02 14:54:57
Share with:

රාජ්‍ය සේවක වැටුප්, ලබන මාසයේ සිට කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, රජය කිසිසේත්ම එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

රටේ ජනතාව තුපිත කරවීම සඳහා ඇතැම් පිරිස් සංවිධානාත්මකව ගෙන යන මෙවැනි ප්‍රචාර තරයේ හෙළාදකින බවද අමාත්‍යවරයා කියාසිටී.

එමෙන්ම, රාජ්‍ය සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව ද  රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම