ඉන්දුනීසියාවේ පාපන්දු පිටියක තෙරපීමකින් 125ක් මරුට
2022-10-02 14:17:05
Share with:

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයන් 125 දෙනෙකු මියගොස් ඇති අතර, 186 දෙනෙකු තුවාල ලබා ඇතැයි, ඉන්දුනීසියානු පොලීසිය ප්‍රකාශ කරයි. එම තෙරපීම ඊයේ (1) රාත්‍රී සිදුවූයේ ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා පළාතේ මලන්ග් හි පැවති පාපන්දු තරඟයකදී ය.

මියගිය පුද්ගලයන්ගෙන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් බව වාර්තා වේ.

බොහෝ මරණ තෙරපීම නිසා සිදුව ඇති අතර, අනෙක් පුද්ගලයන් හුස්ම ගැනීමේ අපහසුතා නිසා මියගොස් ඇති බව මූලික තොරතුරුවලින් අනාවරණය වූ බව වාර්තාවල දැක්වේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම