ජපානයේ ඇමරිකානු හමුදාවේ Yokosuka කඳවුර මුදාහරින අපජලයේ ඇති කාබනික ෆ්ලෝරීන් සංයෝග, සම්මත අගය 170 ගුණයකින් පමණ ඉක්මවයි
2022-10-01 15:06:42
Share with:

ජපානයේ ඇමරිකානු හමුදාවේ Yokosuka කඳවුර මුහුදට මුදාහරින අපජලයේ කාබනික ෆ්ලෝරීන් සංයෝග, ජපානයේ සම්මත අගය 170 ගුණයකින් පමණ ඉක්මවා ගොස් තිබේ. ජපාන ආරක්ෂක අමාත්‍යංශය ඊයේ (30) මේ බව නිවේදනය කළේය. Yokosuka නගරාධිපතිවරයා ඒ පිළිබඳ විරෝධය ප්‍රකාශ කරමින්, එම කඳවුරට ඇතුළුව විමර්ශනය කරන්නැයි ජපාන රජයෙන් ඉල්ලා සිටී.

ජපානයේ ඇමරිකානු හමුදා කඳවුරේ දූෂණ ගැටලු මීට පෙර ද සිදුව ඇත. 2016 ජනවාරි මාසයේ, ජපානයේ ඇමරිකානු හමුදාවේ Kadena කඳවුර ආශ්‍රිත ජල මූලාශ්‍රය තුළ කාබනික ෆ්ලෝරීන් සංයෝග ඉහළ මට්ටමක පවතින බව ජපාන ඔකිනාවා ර‍ජය අනාවරණය කළේය. එහෙත් එම කඳවුරට පිවිසීමට ජපානයට අයිතියක් නැත. ඒ පිළිබඳ වගකීම හා විමර්ශනය ඇමරිකාව ද මුල සිටම ප්‍රතික්ෂේප කරමින් සිටී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම