චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 73 වැනි ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්ග් හොන්ග් මහතාගේ පණිවුඩය
2022-10-01 13:46:24
Share with:

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්ග් හොන්ග් මහතා චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 73 වැනි ජාතික දිනය වෙනුවෙන් සුබ පැතුම් පිරිනමයි.

එම සම්පූර්ණ සුබපැතුම්  පණිවුඩය මෙසේය.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 73 වැනි සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය ආසන්න වීමත් සමඟ මම රටට සමෘද්ධිය ප්‍රාර්ථනා කිරීමට කැමැත්තෙමි. ප්‍රගතිය, අප ජනතාවගේ සෞඛ්‍යය හා සතුට මෙන්ම ‍ ශ්‍රී ලංකාවේ රැකියා කරන, ඉගෙනුම ලබන සහ ජීවත්වන චීන සහෝදර පුරවැසියන් සියලු දෙනාටම සුභ පැතුම් පිරිනමමි. චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනය වෙනුවෙන් සැමවිටම ස‍හයෝගය දක්වන සියළු මට්ටම්වල ශ්‍රී ලාංකික මිතුරන්ට මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනැමීමටද කැමැත්තෙමි.

පසුගිය වසර තුළ ලෝකය දැවැන්ත වෙනස්කම් හරහා ගමන් කර ඇත. ෂී ජින්පිං සහෝදරයා කේන්ද්‍ර කරගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ශක්තිමත් නායකත්වය යටතේ, සංකීර්ණ ජාත්‍යන්තර අභියෝග, COVID-19  වසංගතය වරින් වර පැතිරීම, අනපේක්ෂිත භූමිකම්පා, ගංවතුර සහ නියඟ යන අහිතකර බලපෑම් ජය ගෙන තිබේ.

චීන ආර්ථිකය ස්ථාවර සහ බොහෝ දේ සමග වර්ධනය වන ගම්‍යතාවක් පවත්වා ගෙන ‍ගොස් ඇත. අප 2022 බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වූ අතර ෂෙන්චෝ 13 සහ ෂෙන්චෝ 14 යන අභ්‍යවකාශ යානා සාර්ථකව උඩුගුවනට යැවීම සහ හවුල් අනාගතයක් වෙනුවෙන් ‍ලෝක ගම්මානය එක්කීරීමට ද හැකිවිය.

අපි අපගේ ස්වෛරීභාවය දැඩි ලෙස ආරක්ෂා කර ඇත්තෙමු. භෞමික අඛණ්ඩතාව සහ තායිවාන ප්‍රදේශය හා බැඳුනු ප්‍රශ්න සම්බන්ධයෙන් අපගේ මූලික අවශ්‍යතා මත පදනම්ව ෂින්ජ්‍යං කරුණු යනාදිය ගැන ද සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ජාත්‍යන්තර යුක්තිය සහ සාධාරණත්වය තහවුරු කිරීමට හැකිවිය. ගෝලීය සංවර්ධන මුලපිරුමට අමතරව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් යෝජනා කරන ලද ගෝලීය ආරක්ෂක මුලපිරුමට ද  ජාත්‍යන්තර සමාජයෙන් ලැබෙන සහයෝගය සහ ඵලයන් ද වර්ධනය වෙමින් තිබෙන අතර ලොව හිතකර සංවර්ධනයට හා දිගු කාලීන සාමයට එය විශාල වශයෙන් දායක වෙයි.

පසුගිය වසරේදී චීනය හා ශ්‍රී ලංකාව දුක් කම්කටොළු වලදී සමීපව ක්‍රියාකර තිබේ. රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වන සංවත්සරය සහ රබර් -සහල් ගිවිසුමට අත්සන් තැබීමේ 70 වන සංවත්සරය සමරමින් අප දෙරට COVID-19 වසංගත පාලනය සහ ආර්ථික පුනරුත්ථාපනය වෙනුවෙන් එකිනෙකාට සහයෝගය දක්වා ඇත. වසර පුරාම විවිධ අභියෝග මධ්‍යයේ චීනය හා ශ්‍රී ලංකාව මිත්‍රත්ව සහ ප්‍රායෝගික සහයෝගතා පැවැත්වූ අතර එය තවදුරටත් වර්ධනය වී තිබේ.‍‍‍

2022 වසරේ ජනවාරි මාසයේ දී චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ අමාත්‍ය වන්ග් යී මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ය. හෙතෙම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සිය ගණනක වැසියන් සමග “පෝට් සිටි මරීනා” හිදී චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව රුවල් ඔරු කුසලාන තරඟාවලිය ආරම්භ කළේ සමස්ත වසරේ සැමරුම් රැසක සමාරම්භය තබමිනි. අනතුරුව රජය සහ විපක්ෂ දේශපාලන පක්ෂ, බෞද්ධ ප්‍රජාව හා ශ්‍රී ලංකාවේ විවිධ සමාජ කණ්ඩායම් පැවැත්වූ සැමරුම් සමුළුවල දී ඔවුන් කළ මිත්‍රත්ව හා හෘදයාංගම දේශනවලින් අපි වඩාත් හැඟුම්බර වූයෙමු.

ශ්‍රී ලංකා ජනතාව වඩාත් බරපතල දුෂ්කරතාවන්ට මුහුණ දුන් විගස චීන රජය හදිසි මානුෂවාදී සහනාධාරයක් ලෙසට යුවාන් මිලියන 500 ක ආධාරයක් ලබා දුන් අතර චීනයේ ප්‍රා‍දේශීය රජයන්, මිත්‍ර සංවිධාන, බෞද්ධ විහාර පමණක් නොව  ප්‍රාථමික පාසල් දරුවන් විසින් ද සියළු ආකාරයේ සහයෝගයේ දෑත් දිගු කරන ලදි. චීනය, ශ්‍රී ලංකාවේ වඩාත් හෘදයාංගම සහ විශ්වසනීය මිතුරෙකු බව ඉන් යළි වරක් තහවුරු විය.

පසුගිය වසර තුළදී මම සහ මාගේ සහෝදර ‍කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ පළාත් නවයේම සංචාරය කළෙමු. දකුණු පළාතේ හම්බන්තොට දී අපි “අපේක්ෂා ගම්මානයට” මුල්ගල තැබූ අතර චීන රතු කුරුස සමාජය පිරිනැමූ ආහාර පාර්සල් මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්ක‍යේ වතු සේවකයන් වෙත බෙදා දුන්නෙමු. නැගෙනහිර වෙරළ තීරයේ මඩකලපුවේ අඩු ආදායම්ලාභී ගම්මාන වෙත ගිය අපි ඔවුන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් සඳහා මූල්‍යාධාර ලබා දීමට ද ක්‍රියා කළ අතර උතුරු පළාතේ ධීවරයන්ට ධීවර ආම්පන්න ද පරිත්‍යාග කළෙමු. COVID-19 වසංගතය, ආර්ථික අර්බුදය, දේශීය දේශපාලන වෙනස්කම් හෝ බාහිර මැදිහත්වීම් කවරක් වුවද අප දෙ‍රටේ ජනතාව අතර මිත්‍රශීලි හුවමාරුවට බාධාවක් නොවේ.

පොළොන්නරුව චීන-ශ්‍රී ලංකා  ජාතික මිත්‍රත්ව වෘක්කවේද  රෝහල විවෘත කිරීමේ සංවත්සරයේදී, එහි වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ රෝගීන් ගෙන්, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ චීන තානාපති ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයේ දී සිසුන් සහ දෙමාපියන් ගෙන්, තපෝවනය ළමා නිවාසයේ සුන්දර දරුවන් ගෙන් සහ හම්බන්තොට වරායට ‘යුවන් වන්ග් 5’ විද්‍යාත්මක පර්යේෂණ නෞකාව සේන්දු වූ අවස්ථාවේ දී එහි සිටි දෙරටේම ජනතාවගෙන් අප දිරිමත් කළ සිනාමුසු මුහුණු දුටුවෙමු.අප සැමට විශාලතම දිරි ගැන්වීම චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය අඛණ්ඩව නව තලයකට ඔසවා තැබීමට හැකිවීමය.

 

මාගේ සහෝදර චීන වැසියනි සහ ශ්‍රී ලංකා මිත්‍රවරුනි! සති දෙකකින් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය ආරම්භ වන අතර වත්මන් තීරණාත්මක අවස්ථාවේ ඊට සුවිශේෂී වැදගත්කමක් හිමිවෙයි. ඒ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ජගත් ප්‍රජාවේ ඉහළ අවධානය යොමුව ඇත්තේ චීනය නවීකරණ සමාජවාදී සමාජයක් ගොඩනැංවීමේ හා ‘දෙවන සියවසේ ඉලක්කයට’ වෑයම් දැරීමේ නව ගමනකට මුලපිරීම හේතුවෙන් පමණක් නොව ලෝකය සමග චීනය පවත්වන ධනාත්මක බලපෑම ද නිසාවෙනි.

නව ඇරඹුම් ස්ථානයකින් නව ගමනක් ආරම්භ වී ඇත. චීන ජාතියේ පුනර්ජීවනය වෙනුවෙන් එක්ව වැඩ කරමින් හෘදයාංගම සහ දිගුකල් පවතින චීන ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය වෙනුවෙන් ද දායක වෙමු.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම