මාධ්‍ය සහයෝගතාවන් මගින් පුළුල් වන චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය
2022-10-01 13:34:09
Share with:

එළඹෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය වෙනුවෙන් සුබ පැතුම් පිරිනමන බව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි. චීනයේ අනාගත ගමන් මග පිළිබඳ ඉතා වැදගත් ‍අවස්ථාවක් වන මෙම ‍කොංග්‍රසය කෙරෙහි ජගත් අවධානය ඉහළින් යොමුව තිබේ. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මිත්‍රයෙකු වන චීනයේ අනාගත සැලසුම් ලෝක ප්‍රජාවට ප්‍රතිලාභ ගෙන දෙනු ඇත. චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය මෑත කාලයේ දී මාධ්‍ය සහයෝගතාවන් හරහා දෙරටේ ජනතාව වඩාත් සමීප කරවන්නක් බවට පත් ව තිබේ. චීන මාධ්‍ය සමූහය හා ස්වාධීන රූපවාහිනී සේවය පවත්වන පුළුළ් සබඳාතාවන් මගින් එය තවත් තහවුරු වන බවද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා කියා සිටී. අනාගතයේ දී එම සහයෝගතාවන් තවත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම