අන්තර්ජාතික යටිතල පහසුකම් සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා සියලු පාර්ශ්ව හා එක්වීමට චීනය සූදානම්
2022-10-01 19:09:51
Share with:

"Nord Stream" ස්වාභාවික ගෑස් නල මාර්ගයට අදාළ බහුවිධ කාන්දුවීම් සමඟම සිදු වූ ප්‍රබල දිය යට පිපිරීම් පිළිබඳව චීනය දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා ප්‍රකාශ කරයි. Nord Stream ස්වාභාවික ගෑස් නලය යුරෝපා බලශක්ති ප්‍රවාහනය සඳහා වූ ප්‍රධාන ධමනිය ලෙස හැඳින්වේ. අන්තර්ජාතික යටිතල පහසුකම් සුරක්ෂිතභාවය තහවුරු කරගැනීම සඳහා සියලු පාර්ශ්වයන් එක්ව, දායකවීමට චීනය සූදානමින් සිටින බව Geng Shuang මහතා පෙන්වා දෙයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ එම සිද්ධිය පිළිබඳව ජගත් සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ පැවති පරීක්ෂණ සාකච්ඡාවකදී ය.

කාන්දුවීමෙන් නල මාර්ගයට සිදුවූ භෞතික බාධාවක් හේතුවෙන් යුරෝපයේ බලශක්ති සැපයුම් හිඟය උග්‍ර වී ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළු ලොව පුරා සිටින පාරිභෝගිකයින් බලශක්ති වෙළඳපොළවල ඇති වන කැලඹිලි සහ බලශක්ති මිල ඉහළ යාමෙන් පීඩා විඳිනු ඇත.

දැනට ලැබෙන තොරතුරු පරිදි, එම කාන්දුව හදිසි අනතුරකින් සිදුවූවක් නොවන අතර හිතාමතා කළ මෙහෙයුමක් බව ද සඳහන් කෙරේ. එම සිද්ධිය සම්බන්ධයෙන් යුක්ති සහගත මෙන් වෘත්තීය පරීක්ෂණයක් සිදුකළ යුතු බව සියලු පාර්ශවයන්ගේ විශ්වාසයයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම