දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සරසවියක් මෙරට ස්ථාපනයට යෝජනා
2022-10-01 16:19:54
Share with:

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරයි. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා සමග ඊයේ (30) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම යෝජනාව ඉදිරිපත් කළේය. පිලිපීනයේ මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දී එම හමුව සිදුවිය .

ලෝකයේ ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතුවල නිරතවිය හැකිවන සේ එම විශ්වවිද්‍යාලය පිහිටුවිය යුතු බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට දුන් හදිසි ආධාර සම්බන්ධයෙන් සභාපතිවරයාට ස්තුතිය පළ කළ වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවත්නා දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම