ජනතාවගේ පුනර්ජීවනය උදෙසා ධෛර්යසම්පන්නව ක්‍රියාකිරීමට චීන කොමියුනිස්ට් පක්ෂයට හැකිවේවා
2022-09-30 17:14:17
Share with:

73 වන චීන ජාතික දිනයට සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට හිටපු අමාත්‍ය,පාලිමෙන්තු මන්ත්‍රී ඩලස්අලහප්පෙරුම මහතාගෙන් සුබ පැතුම් පළකරයි.

සහෝදර චීන ජනතාවගේ, චීන මහජන සමූහාණ්ඩුවේ 73 වන ජාතික දිනයට ආදරයෙන් සහ ගෞරවයෙන් සුබ පතන අතර,  නුදුරේදීම ආරම්භ වන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට ද සහෝදර හැඟීමෙන් යුතුව ලෙස සුබ පැතුම් එක්කරන බව පාලිමේන්තු මන්ත්‍රීවරයා කියාසිටී.

ශ්‍රී ලංකාව මුහුණදුන් සියලුම දුෂ්කර අවස්ථාවන්හි දී චීන කොමියුනිස්ට් පක්ෂය සිය සහයෝගය ලබා දුන් බව ද හෙතෙම සිහිපත් කළේය. මානුෂීය ආධාර ලබාදෙමින් සහ සංස්කෘතික සම්බන්ධතාව ද අඛණ්ඩව පවත්වාගෙන යාමට චීනය ලාංකික ජනතාවට නිරතුරුවම සිය මිත්‍රත්වය තිළිණ කළේය. ඒ සියල්ල වෙනුවෙන් චීනයට ස්තුතිය සහ ගෞරවය පුද කළ යුතුය.

චීන සමූහාණ්ඩුව සිය ර්ආථික ස්ථාවරභාවය තහවුරු කරගෙන, ජාත්‍යන්තර අභියෝග ජයගනිමින් කටයුතු කිරීම පිළිබඳව ජාතියක් ලෙස ඉතා සතුටට පත් වන බව ද මන්ත්‍රීවරයා කියාසිටී. චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙම 20 වන ජාතික කොංග්‍රසයට පාලිමෙන්මතු න්ත්‍රීවරුන් වෙනුවෙන් ද සුබ පැතුම් එක්කරන බව මන්ත්‍රීවරයා පවසයි. නව ඇරඹුමකින්, නව ගමනක් සටහන් කරමින් චීන ජනතාවට පමණක් නොව, සමස්ත ලෝක ජනතාවගේ පුනර්ජීවනය වෙනුවෙන් ධෛර්යසම්පන්නව කටයුතු කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂයට හැකිවේවා යි ප්‍රාර්ථනා කරන බව ද පාලිමෙන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම