තාවකාලිකව අත්හිටවූ භාණ්ඩ ආනයන සීමා ලිහිල් කිරීමට රජය සූදානම්
2022-09-30 18:31:20
Share with:

තාවකාලිකව අත්හිටවූ භාණ්ඩ ආනයන සීමා, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විදේශ විනිමය අර්බුදය සමග ආනයන සීමා පැනවීම සිදුවිය. එහෙත් කර්මාන්ත අංශයට අවශ්‍ය නිදහස් කිරීම් සිදුකර තිබේ. කෘෂිකර්ම සහ අපනයන අවශ්‍යතා අනුව කමිටුවක් මගින් අවශ්‍ය ලිහිල් කිරීම් ද ක්‍රියාත්මකයි. දෘශ්‍යාබාධිත උපකරණ සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමට ද පියවර ගැනිණ.  ඉල්ලීම් සැලකිල්ලට ගෙන ඉදිරියේදී තවදුරටත් ආනයන සීමා ලිහිල් කෙරෙනු ඇත.

අමාත්‍යවරයා පවසන්නේ විනිමය සංචිත ආරක්ෂා කරගනිමින්, දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට හැකිවන පරිදි ආනයන සීමා ලිහිල් කිරීම රජයේ අපේක්ෂාව බවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම