ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාවයේ සීමාව "අහස" පමණයි
2022-09-30 18:24:36
Share with:

ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතා ක්‍රියාදාමයන් ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉවහල් වූ බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසයි.

ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ වැඩසටහන සහ දෙරට අතර පවතින හවුල්කාරීත්වය සැමරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මේ බව සඳහන් කළේය.

මහකොමසාරිස්වරයා මෙහිදී කියාසිටියේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාවයේ සීමාව "අහස" පමණක් වන බවය.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර හවුල්කාරීත්වය ඔස්සේ, අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් මෙරටට සහය වීමට දරන උත්සාහය සම්බන්ධයෙන් ද ඔහු එහිදී කරුණු දක්වා තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම