ඇමරිකාව තවදුරටත් සිරියාව සතු ඛනිජතෙල් සොරාගනී
2022-09-30 10:45:06
Share with:

ඇමරිකානු හමුදා, සිරියාවේ විපක්ෂ සන්නද්ධ කණ්ඩායම්වල සහය යටතේ, ඊසානදිග සිරියාවේ Al Hasakah පළාතේ යළිත් සොරාගැනුණු ඛනිජතෙල් නීතිවිරෝධී අයුරින් ප්‍රවාහනය කරයි. සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ(29) මේ බව වාර්තා කළේය.

හමුදා ටැංකි 14 ක ඇණියක්, හමුදා වාහන සහ සන්නද්ධ රථ පෙළක් සමග, සිරියානු-ඉරාක දේශසීමාව නීතිවිරෝධීව තරණය කර, සොරාගැනුණු තෙල් ඉරාකයේ ඇමරිකානු හමුදා කඳවුරු වෙත නැව්ගත කර ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.

සොරාගැනුණු තෙල් ඇමරිකානු හමුදා රථ 85ක් මගින් ඉරාකයට නීතිවිරෝධී අයුරින් ප්‍රවාහනය කර තිබේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම