දෙවන සියවසේ ඉලක්ක කරා ප්‍රශස්ත ගමනක නිරත චීනයට සුබ පැතුම් - පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න
2022-09-29 09:42:57
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය එළඹෙන ඔක්තෝබර් මස 16 වැනි දා ආරම්භ වීමට නියමිතව ඇත. මේ වන විට ඊට එක් වන නියෝජිතයෝ 2296 දෙනෙක් තෝරාපත් කර ගනු ලැබ සිටිති. චීනය තම දෙවැනි සියවසේ ප්‍රබල ඉලක්ක කරා යන ගමනේ නිල ඇරඹුමක් සටහන් කරන මේ සන්ධිස්ථානගත අවස්ථාව වෙනුවෙන් ශුභාශිංසන පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා කියාසිටී.

චීන කොමියුනිස්ට් පක්ෂය තම රට මේ සා සංවර්ධනීය යුගයක් කරා රැගෙන ආවේ අසීමිත අභියෝගවලට මුහුණදෙමිනි. චීන ජනතාව කිසිවිටෙක ඒ අරගලයෙන් බැහැර වූයේ නැත. එසේම, කලාපීය බලවතෙකු ලෙස තම වගකීම් හඳුනාගත් චීනය ඒ වෙනුවෙන් ද කැපවී ක්‍රියාකළේය. වර්තමානයේ චීනයෙන් ඉදිරිපත් කර ඇති ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය සංවර්ධන මුලපිරුම දැඩි කැළඹිලි රැසකට මුහුණ පා සිටින ලෝකයට තිරසර විසඳුම් තිළිණ කරනු ඇත. ඒ පිළිබඳව බහුතර ජගත් ප්‍රජාව ද විශ්වාසය පළකර තිබීම කැපීපෙනෙන කරුණකි.

ශ්‍රී ලංකාවේ සමාන සුඛ දුක්ඛ මිත්‍රයෙකු ලෙස සෑමවිටම පෙනීසිටින චීනය, මෙවර ජගත් මානව හිමිකම් සැසියේ දී ද අපරට වෙනුවෙන් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඉහළ ප්‍රශංසාව පළකරන බව ද මන්ත්‍රීවරයා කියාසිටී.  

චීනයේ සංවර්ධනීය ඉදිරි ගමනේ සාර්ථකත්වය වෙනුවෙන් සුබ පැතුම් එක්කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා, චීන - ශ්‍රී ලංකා හෘදයංගම මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වේවා යි ද ප්‍රාර්ථනා කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම