සහයෝගී සංවර්ධන ප්‍රවේශයක් තුළ ඉදිරියට යන චීන ආර්ථිකය
2022-09-29 09:51:30
Share with:

ඕනෑම රටකට දියුණු සංවර්ධනයකට ගමන් කිරීමට සිහිනයක් ඇත්නම්, එය සැබෑ කර ගැනීමට භාවිත කළ හැකි ආදර්ශ මොඩියුලයක් ලෙස චීනය හඳුන්වා දිය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ සහය කථිකාචාර්ය පසන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරයි. නිවැරදි නායකත්වය තුළින් ඔවුන් සංවර්ධනය සාක්ෂාත් කර ගෙන ඇත. මා ඕසේතුං එහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ නායකයෙකි. ඔහු එරට තුළ ජාතික වාදය ස්ථාපිත කරවීමට සමත් විය. එය ජාති වාදයට වඩා වෙනස් සහ උසස් සංකල්පයකි. රටට ඇති ආදරය සහ රට පිළිබඳ අභිමානය සියලු පුරවැසියන් තුළ ඇති කරවීමට ඔහු සමත්විය. එමගින් එරට සංවර්ධනයට සියලු ප්‍රජාවගේ සහභාගිත්වය ලබා ගත්තේය. වටින ශිෂ්ටාචාරයකින් පැවත එන සිය කෘෂිකාර්මාන්තය ශක්තිමත් කිරීම හරහා ඔවුන් සංවර්ධන ප්‍රවේශයට යොමු වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යානාංශයේ සහය කථිකාචාර්ය පසන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

නිෂ්පාදන ආර්ථිකය ප්‍රවර්ධනය කර ගනිමින් සිය ආර්ථික ක්‍රමය උචිත ලෙස හැඩගස්වා ගැනීමට එරට නායකයින්ට හැකි විය. මෙම වේගවත් සංවර්ධනය අන් රටවලට පූර්වාදර්ශයක් බව ද හෙතෙම කියා සිටී.

වර්තමානයේ කිසිදු රටකට හුදකලාව කටයුතු කිරිමේ හැකියාවක් නොමැත. චීනය දියුණු මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ද මිත්‍රශීලී සම්බන්ධයක් ගොඩනගා ගැනීමට හැමවිටම උත්සාහ දරයි. ආර්ථික වශයෙන් ස්ථාවර වූ විට අන් රටවල ආර්ථික වර්ධනයට උපකාර කිරීමට චීනය යොමු වීම වඩා විශේෂ කරුණකි. වර්තමානයේ ලොව බොහෝ රටවල් චීනය සම්බන්ධව ධනාත්මක ආකල්පයකින් කටයුතු කිරීමට, චීනයේ මෙම සහයෝගී අන්තර්ජාතික සබඳතාව හේතු වන බව ද කථිකාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කරමින් කියා සිටී.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම