ජනපති සහ පිලිපීන ජනපති අතර හමුවක්
2022-09-29 18:30:17
Share with:

ආසියානු කලාපීය සහයෝගිතාව වර්ධනය කරගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාම සඳහා ක්‍රියාකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ,  පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් මහතා සමග අද (29) මැනිලා නුවර දී පැවති හමුවේ දීය.  ජනාධිපති මන්දිරය වෙත පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා, පිලිපීන ජනාධිපතිවරයා විසින් හරසරින් පිළිගනු ලැබීය.

පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශ ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමුවිය. පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකර මහත්මිය සහ ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම