ජනපති - ඉන්දීය අගමැති අතර හමුවක්
2022-09-29 18:29:15
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අතර හමුවක් පැවැත්වෙයි.

ජපානයේ ටෝකියෝ නුවර දී ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා පැමිණි අවස්ථාවේ එම හමුව සිදුව ඇති බව වාර්තා වේ. එම කෙටි හමුවේ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව නිල නොවන මට්ටමින් සාකච්ඡා කර තිබේ.

අනතුරුව, ජපානයේ නිල සංචාරය අවසන් කළ ජනාධිපතිවරයා පිලිපීනයේ මැනිලා අගනුවර වෙත පැමිණියේය.

එම සංචාරයේදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් රොමුල්ඩස් මාර්කෝස් මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතා මුලසුන දරන ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ 55 වන රැස්වීම අද (29)  පැවැත්වේ. එම බැංකුවේ සභාපති මසත්සුගු අසකාවා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් ක‍ළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම