ඇමරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාව අත්විඳි වෙනස්කොට සැලකීම් සහ පීඩන පිළිබඳව ගැඹුරින් මෙනෙහි කරන්නැයි චීනය එම රටවලින් ඉල්ලයි
2022-09-29 16:10:21
Share with:

ඇමරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාව අත්විඳි පද්ධතිමය වෙනස්කොට සැලකීම් සහ පීඩාවන් පිළිබඳව ගැඹුරින් මෙනෙහි කරන්නැයි චීනය ඉල්ලා සිටී.

ඊයේ(28) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සම්මේලනයේ ආදිවාසී අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥ යාන්ත්‍රණ සංවාදයේ දී ආදිවාසී ජනතාව අත්විඳි වෙනස්කොට සැලකීම් සහ පීඩනය පිළිබඳව ගැඹුරින් සිතා බලන ලෙස චීන නියෝජිතයා ඇමරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් තුනෙන් ඉල්ලා සිටියේය.

අදාළ රටවල ආදිවාසීන් දිගුකාලීනව නොසලකා හැරීම, වෙනස්කොට සැලකීම, සිදු වූ අසාධාරණ සහ අපයෝජනයට ලක්වීම් පිළිබඳව චීනය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව චීන නියෝජිතයා පැවසීය. තම රටවල ආදිවාසී ජනතාව අත්විඳි අගතිය සහ පීඩාවන් පිළිබඳව බැරෑරුම් ලෙස මෙනෙහි කරන ලෙසත්, ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය නිසිලෙස ක්‍රියාත්මක කරන ලෙසත් චීන නියෝජිතයා ඇමරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම