ජාතික සභාව පළමුවරට රැස්වෙයි
2022-09-28 18:15:56
Share with:

ජාතික සභාවේ පළමු රැස්වීම හෙට (29) උදේ 10.30 ට පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ  යෝජනාවක් අනුව ස්ථාපනය කෙරුණු, පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් කෙරිණ.

ජාතික සභාවට දැනට මන්ත්‍රීවරු 27ක් නම් කරනු ලැබ සිටිති. රටේ වත්මන් තත්ත්වය අනුව එය ක්‍රියාත්මක විය යුතු ආකාරය සහ එහි සියලු කාර්යභාරයන් පිළිබඳව හෙට (29) දිනයේ සාකච්ඡා කෙරෙනු ඇත.


ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම