ජනපති ජපාන අධිරාජයා හමුවෙයි
2022-09-28 16:16:40
Share with:

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට නරුහිතෝ අධිරාජයා හමුවෙයි.ටෝකියෝ නුවරදී එම හමුව අද (28) සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.  

ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිශිඩා සමග ද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

මේ අතර,  කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීර්ණයක ඊයේ (27) පස්වරුවේ ඇතිවූ ගින්නෙන් පීඩාවට පත්ව සිටින සියලුම නේවාසිකයින්ට කඩිනමින් සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, ගිනි නිවන හමුදාව, සෞඛ්‍ය අංශ, නාගරික සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් අදාළ සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කර විපතට පත්වූවන්ට වහා සහන සලසන ලෙස වික්‍රමසිංහ මහතා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම