ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට තවත් මූල්‍යාධාර
2022-09-28 16:20:30
Share with:

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍යාධාර සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම් බව එහි සභාපති මසත්සුගු අසකාවා මහතා පවසයි. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීමේදී ය.

ශ්‍රී ලංකාවේ උද්ධමනය අගෝස්තු මාසයේ දී 70.2% ක් බවත්, ඉහළ උද්ධමන පීඩාව ජනතාවගේ ජීවන රටාවට ද බලපෑම් එල්ලකර ඇති බවත් ඔහු පෙන්වාදෙයි. එහෙයින්, මේ අභියෝගාත්මක කාලයේදී ශ්‍රී ලංකාවට සහය වීම සඳහා රජය සමග සමීපව කටයුතු කරන බව අසකාවා මහතා කියාසිටී.

ණය හිමියන්ගේ මූල්‍ය සහතික ලබාගෙන, අනෙකුත් නිර්දේශ ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් දීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ශ්‍රී ලංකාව ලබාගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා පැවසීය. 

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම