ඇෆ්ගනිස්ථානය සමග ප්‍රායෝගික සම්බන්ධතා අඛණ්ඩව පවත්වන්නැයි චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි
2022-09-28 18:40:37
Share with:

ඇෆ්ගනිස්ථාන තාවකාලික රජය හා සම්බන්ධතා අඛණ්ඩව පවත්වන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ(27) පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳ විවෘත රැස්වීමේදී චීන එක්සත් ජාතීන්ගේ උප ස්ථාවර නියෝජිත Geng Shuang මහතා මේ බව ප්‍රකාශ කළේය. ප්‍රායෝගික සංකල්පයකින් යුතුව ඇෆ්ගනිස්ථාන තාවකාලික රජය සමඟ අඛණ්ඩව සම්බන්ධතා පවත්වන ලෙස හෙතෙම ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

මානුෂීය අර්බුදය ලිහිල් කිරීමට සහය ලබාදෙමින් ආර්ථීකය ස්ථාවර කිරීම වත්මන් හදිසි ප්‍රමුඛතාව ලෙස සැලකිය යුතු බවත්, මානුෂීය හා ආර්ථීක ප්‍රශ්න දේශපාලනීකරණය නොකළ යුතු බවත් හෙතෙම පැවසීය.

ඇෆ්ගනිස්තානය මුහුණ දෙන ආරක්ෂාක අවදානම, ත්‍රස්තවාද විරෝධය, මත්ද්‍රව්‍ය විරෝධය, සරණාගත අර්බුදය යන ගැටලු එකිනෙකට සම්බන්ධ වී ඇති බවත්, මේවාට නිසි ප්‍රායෝගික විසඳුම් සෙවීමට සංයුක්ත ක්‍රියාමාර්ග අවශ්‍ය බවත් Geng Shuang මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම