ජනපති සහ ජපාන විදේශ ඇමති අතර සාකච්ඡාවක්
2022-09-27 18:20:48
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙයි. ඒ, අද (27) ජපානයේ ටෝකියෝ අගනුවර දී ය.

පැවති රජය විසින් ජපාන ආයෝජන කිහිපයක් අවලංගු කිරීමත් සමඟ බිඳවැටුණු ජපාන- ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ කනගාටුව පළකරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය එම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට තම රජය අපේක්ෂා කරන  බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එසේම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ජපාන ආයෝජන බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා, ජපාන අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ඇතුළු තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජපාන සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා හෙට (28) දිනයේ පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම