මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම කෙරෙහි විරෝධය දක්වා රටවල් 70 ක ඒකාබද්ධ ප්‍රකාශයක් ජගත් මානව හිමිකම් කවුන්සිලයට
2022-09-27 10:44:03
Share with:

සින්ජ්‍යං, හොංකොං සහ ටිබෙට් පිළිබඳ කටයුතු චීනයේ අභ්‍යන්තර කරුණු වන බවත්, මානව හිමිකම් ප්‍රශ්න දේශපාලනීකරණයට සහ දෙබිඩි පිළිවෙතට විරුද්ධ වන බවත් පාකිස්ථානය කියාසිටී. මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට විරුද්ධ වන බව ද ‍ප්‍රකාශ කර තිබේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ඊයේ (26) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී, පාකිස්ථානය රටවල් 70කට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය. සියලුම පාර්ශ්ව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ ප්‍රතිපත්තිවලට අවනත විය යුතු අතර, සෑම රටකම ජනතාවට තම ජාතික තත්ත්වයන්ට අනුකූල සංවර්ධන මාවතක් ස්වාධීනව තෝරා ගැනීමට ඇති අයිතියට ගරු කළ යුතුය. මානව සමාජය නව කොරොනා වසංගතය ඇතුළු බහුවිධ අභියෝගවලට මුහුණ දී සිටී. ජාත්‍යන්තර ප්‍රජාව බහුපාර්ශ්විකත්වයට අනුගත විය යුතු අතර, සහයෝගිතාවය ශක්තිමත් කරමින් ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව ආමන්ත්‍රණය කළ යුතු බව පාකිස්ථානය පවසා ඇත.

රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවක් චීනයේ නීත්‍යනුකූල ස්ථාවරය පිළිබඳව විවිධ ආකාරවලින් ඔවුන්ගේ අවබෝධය මෙන්ම සහයෝගය ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම