සිංගප්පූරුව සමග නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් - ජනපති
2022-09-27 16:03:56
Share with:

සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ටෝකියෝ නුවර දී සිංගප්පූරු අග්‍රාමාත්‍ය Lee Hsien Loong මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා අද (27) මෙසේ ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රසාදය පළ කළ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා, තම රට යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බව ද කියාසිටියේය.

ලබන වසරේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සංවත්සරයට සහභාගි වන ලෙස ජනාධිපතිවරයා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට මෙහිදී ආරාධනා කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම