බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පවුම් ලක්ෂ 30 ක්
2022-09-26 17:28:05
Share with:

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවට පවුම් ලක්ෂ 30 ක ආධාරයක් සපයන බව බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමති තාරිෆ් අහමඩ් සාමිවරයා පවසයි. විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි මහතා හමුවූ අවස්ථාවේ ඔහු ඒ බව පවසා තිබේ. එම ආධාර රතුකුරුස සංවිධානය හා එක්සත් ජාතීන්ගේ හවුල්කරුවන් මගින් මෙරටට සැපයෙනු ඇත. 

ඇමති අලි සබ්‍රි මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ. එම ආධාරයට කෘතඥතාව පළකරන අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සංහිඳියාව හා වගවීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව තමා සාමිවරයා දැනුවත් කළ බව ද පවසයි.

 

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම