චීන විදේශ ඇමතිවරයා 77 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාන්‍ය විවාදය අමතයි
2022-09-25 19:09:50
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති වං යී මහතා ඊයේ(24) නිව්යෝක් හි 77 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාන්‍ය විවාදයට එක්වෙමින් දේශනයක් කළේ ය.

ඔහු එහිදී පෙන්වා දුන්නේ, සාමයේ සහ සංවර්ධනයේ යුගයේ තේමාව වෙනස් වී නොමැති අතර, චීනයේ ස්ථාවරය ස්ථිර සහ පැහැදිලි ය. ඒ යුද්ධයට වඩා සාමය අවශ්‍යය . දුප්පත්කමට වඩා සංවර්ධනය අවශ්‍යය. වසා දැමීමට  වඩා විවෘත වීම අවශ්‍යයි. ගැටුම් කිරීමට වඩා සහයෝගිතාව අවශ්‍යය. බෙදීමට වඩා සමගිය අවශ්‍යයි. අධිපතිවාදයට වඩා සාධාරණත්වය අවශ්‍යය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයෙන් මෙන්ම ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට ලෙස, චීනය සෑම විටම ලෝක සාමය ගොඩනඟන්නා හා ගෝලීය සංවර්ධනයට දායකයා බව, වං යී මහතා එහිදී කියා සිටියේ ය.

චීනය අනුගමනය කරන මාවත යටත්විජිත කොල්ලයට වඩා සාමකාමී සංවර්ධනයකි. චීනය, මානව සංවර්ධනයේ ගැටළු විසඳීමට සිය ප්‍රඥාව දිගටම ලබා දෙනු ඇති බවත්, මානව ශිෂ්ටාචාරයේ නව ස්වරූපයක් නිර්මාණය කිරීමට සිය දායකත්වය  ලබා දෙනු ඇති බවත්, වං යී මහතා සදහන් කළේ ය.  

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම