ශ්‍රී ලංකාව මේ මොහොතේ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුෙව් පවසයි
2022-09-25 17:31:57
Share with:

ශ්‍රී ලංකාව මේ මොහොතේ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරය අමතමිනි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ ඕනෑම  රටකට තනිව ගැටළුවලට මුහුණදීමේ හැකියාවක් නොමැති බවයි. ශ්‍රී ලංකාව අභ්‍යන්තර හා බාහිර වශයෙන් මුහුණදෙන අභියෝග මෙරට දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණයකට අවස්ථාවක් බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

මේ අතර රටේ ජනතාව මුහුණ දෙන සමාජ ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් රජය අතිශයින් සංවේදී බව ද විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ පැවසීය. රට තුළ පවතින තත්ත්වය අනුව සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම