ණය මුදල සඳහා මෙම වසර අවසානය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි
2022-09-24 17:58:47
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මෙම වසර අවසන් වන විට විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.  මහ බැංකු නිලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම පිළිබඳ වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළ දැනුවත් කිරීමේදී විදේශීය ආයෝජකයන්ට ඒ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව දශක ගණනාවකින් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකටද මුහුණ පා සිටී.

දෙසැම්බර් මැද භාගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ණය මුදල අනුමත කළ පසු ණය හිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව එහිදී ප්‍රකාශ කර තිබේ.

මෙම වසරේ අවසාන කාර්තුව සහ 2023 වසරේ දෙවන කාර්තුව අතර සියලුම ණය හිමියන් සමඟ ලබා ගත් ණය මුදල සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල අරමුණ වී ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම