චීන විදේශ ඇමතිවරයා ආසියා සමාජය අමතයි
2022-09-24 17:33:36
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික විදේශ ඇමති වං යී මහතා පසුගිය 22 වනදා නිව්යෝක්හි දී ආසියා සමාජයේ මූලස්ථානයේ දී නව යුගයේ චීන ඇමරිකා සබඳතාව නිවැරදි ලෙස පවත්වා ගැනීමේ ක්‍රමය යන මැයෙන් දේශනයක් සිදු කළේය. මෑත වසර කිහිපය තුළ චීන ඇමරිකා සබඳතාව පහළ මට්ටමේ  පැවතීමට හේතුව ඇමරිකාව විසින් චීනය ගැන, ලෝකය ගැන හා තමා ගැන ව වරදවා වටහා ගෙන තිබීම බව වං යී මහතා එහිදී පැවසීය. අන්‍යෝන්‍ය ‍ලෙස ගරු කිරීම, සාමකාමී සහජීවනය හා සහයෝගිතා මගින් පොදු ජයග්‍රහණය ලබා ගැනීම, චීන ඇමරිකා සබඳතාව පවත්වා ගැනීමේ නිවැරදි මාර්ගයයි.

චීන තායිවාන ප්‍රශ්නය චීන කේන්ද්‍රීය ප්‍රතිලාභයන්හී හරය වේ. එකම චීනය මූලධර්මය දෙරට සබඳතාවේ දේශපාලනික පදනමේ මූලික කොටස ය. වර්තමානයේ චීන තායිවාන ප්‍රශ්නය දෙරටේ සබඳතාවේ විශාලතම අවදානම බවට පත් වෙමින් පවතී.

චීනය හා ඇමරිකාව නිවැරදි ලෙස සබඳතාව පවත්වා ගැනීමේ මාර්ගය සොයා ගැනීම ඉදිරි වසර 50 තුළ ජාත්‍යන්තර සබඳතාවේ වැදගත් ම දෙය බවට පත්වනු ඇති බව චීන ජනාධිපති ෂී ජන් පිං මහතා සඳහන් කර ඇති බව වං යී මහතා එහිදී කියා සිටියේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම