ලෝකයේ සංවර්ධන දිශානතිය නව මගකට ගෙන යන චීනයේ හවුල් සංවර්ධන ප්‍රවේශය
2022-09-23 10:40:51
Share with:


වර්තමානයේ ආර්ථික සංවර්ධනය සඳහා හවුල් සංවර්ධන ප්‍රවේශයක් වඩා වැදගත් වේ. සම්පත් ක්ෂය වීම හා සම්පත් බෙදී යාමේ විෂමතාවය හේතුවෙන් ලොව සෑම රටකටම සිය සංවර්ධන ඉලක්ක ජයගැනීමට මෙම ප්‍රවේශය උපකාරී වනු ඇත. සම්පත් කළමනාකරණය කර ගනිමින් යහපත් ආර්ථික සංවර්ධනය ළගා කර ගැනීමට නම් රටවල් සියල්ල සාමුහික ප්‍රයත්නයක කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත්, චීනය එම ප්‍රවේශය තුළ කටයුතු කරන බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ, ජනසන්නිවේදන අධ්‍යානාංශයේ කථිකාචාර්ය අමිල ලොකුමාන්නගේ මහතා පවසයි .

චීන සමූහාණ්ඩුවේ මෙම සහයෝගී සංකල්පය ඔවුන්ට සිය ආර්ථික ඉලක්කයන් කරා ළගා වීමට ද ඉවහල් විය. 2013 දී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ “එක් තීරයක් එක් මාවතක්“ යන සුවිශේෂී ව්‍යාපෘතිය, ලෝකය සමග සම්බන්ධතාවන් වර්ධනය කර ගැනීමට ඉවහල් වී ඇත. සිය විදේශ ආයෝජන වර්ධනය කිරීමට ද චීනය වර්තමානයේ කටයුතු කර ඇත. ලෝක වෙළඳපොළට වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් සැපයීම මෙන්ම ඉහළ ආර්ථික වර්ධනයක් තුළ ස්ථාවරත්වයක් ද ගොඩ නගා ගැනීමට ද චීනය සමත්ව සිටී.

චීනය ඉදිරිපත් කරන ‍පොදු ජයග්‍රාහී සංකල්පය හරහා රටවල් හුදකලාව කටයුතු කිරීම නොව එක්ව ජයග්‍රහණය කිරීමේ අවශ්‍යතාව ලෝකයටම පෙන්වා දෙයි. එම සංකල්පය ලෝකයේ ආර්ථික සංවර්ධන දිශානතියට අලුත් වෙනසක් ඇති කිරීමට සමත්ව ඇති බව ද හෙතෙම කියා සිටී. තමා චීනයේ අධ්‍යන කටයුතු කළ කාලයේ දී චීනය මෙම සංකල්පය ලෝකයට ඉදිරිපත් කිරීමට ගත් වෑයම පිළිබඳව මනාව දැක ගැනීමට හැකි වූ බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම ශතවර්ෂය ආසියාවේ ශතවර්ෂය නම්, චීනය යනු එම සංවර්ධන මාවතට ආසියාව රැගෙන යන ප්‍රධාන වාහක බලවේගය බව පැහැදිලිව ගම්‍යමාන වේ. සිය නිෂ්පාදන ශක්‍යතාවය ආරක්ෂා කර ගැනීමට චීනය සමත්ව ඇත. එම ශක්‍යතා හුවමාරු කර ගනිමින් චීනය හවුල් සංවර්ධන ප්‍රවේශයකට අවතීර්ණය වීම, නුතනයේ ඵලදායිම ආර්ථික ක්‍රමෝපායක් බව කථිකාචාර්ය අමිල ලොකුමාන්නගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම