ඔක්තෝබර් මාසය ජාතික පෝෂණ මාසය වශයෙන් නම් කෙරේ
2022-09-22 17:27:52
Share with:

ලබන ඔක්තෝබර් මාසය ජාතික පෝෂණ මාසය වශයෙන් නම් කෙරේ. අඩු වියදමකින් පෝෂණය සුරකිමු, දැනුවත් වෙමු, ආදේශක සොයමු, වවමු, බෙදා ගනිමු යන්න එහි තේමාවයි.

ඒ අනුව වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ වර්ධන මට්ටම පරීක්ෂා කිරීම සඳහා දීපව්‍යාප්ත සෞඛ්‍ය වැඩසටහනක් ද ක්‍රියාවට නැංවෙයි.

දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිර්ණය කිරීම වැඩසටහනේ අරමුණ බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලී ද සිල්වා මහත්මිය පවසයි.

ත්‍රිපෝෂ නිෂ්පාදනයට යොදා ගන්නා අමුද‍්‍රව්‍යවල ගුණාත්මක භාවය මේ දිනවල විශේෂයෙන් පරීක්ෂාවට ලක් කෙරේ. ආහාරවල මිල අධික වුවද සමබල ආහාර වේලක් දරුවන්ට ලබාදීට දෙමාපියන් කටයුතු කළ යුතු බවද ඇය කියා සිටී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම