ද්විපාර්ශවික ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් කඩිනමින් ලැ‍බෙනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරයි
2022-09-21 16:59:44
Share with:

එළැඹෙන සිකුරාදා දින සිට ද්විපාර්ශවික ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ලැබෙනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය  නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ද්විපාර්ශවික ණය හිමියන්ගෙන් ලැබීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙනු ඇති බවය.

ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ ඉදිරි කටයුතු සඳහා ණය හිමියන්ගෙන් ලැබෙන එකඟතාව තීරණාත්මක සාධකයක් වනු ඇති බව ඔහු පවසයි.

කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, රටේ ආර්ථික ස්ථායිතාව ඇති කර ගැනීම සඳහා පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තීරණ කිහිපයකට එළැඹිය යුතු බවය.

එහි ප්‍රථම පියවර ලෙස විදුලි ගාස්තු, ඉන්ධන මිල, බදු ඉහළ නැංවීම ආදිය තීරණ ගැනීමට සිදුවනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

දෙවන පියවර ලෙස ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාව පවතින බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම