ෂංහයි සහයෝගීතා සංවිධානයට බහුපාර්ශ්වවාදය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ හැකියි
2022-09-21 09:58:25
Share with:

ෂංහයි සහයෝගීතා සංවිධානය වඩාත්  බහුපාර්ශ්වික දිශාවකට රැගෙන යාමට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ යෝජනා කාලෝචිත බව දේශපාලන උපදේශිකා ශිරාණි පෙරේරා මහත්මිය පවසයි. ෂංහයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායක කවුන්සිලයේ 22වැනි සමුළුවේ දේශනයක් පවත්වමින් එම සංවිධානයේ වර්ධනය පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් චීන ජනාධිපතිවරයා විසින් ගෙනහැර දැක්වීය. ෂංහයි සහයෝගීතා සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස, චීනය එම සංවිධානයේ වර්ධනය උදෙසා සැමවිටම ප්‍රායෝගික පියවර ගනිමින් සිටී. එය මෙවර චීන ජනාධිපතිවරයා විසන් ඉදිරිපත් කළ යෝජනා මගින් ද පැහැදිලිවන බව ඇය කියා සිටී. ෂංහයි සහයෝගීතා සංවිධානයට වඩාත් ශක්තිමත් ප්‍රතිරූපයක් ගෙන දීමට ද එය ඉවහල් වනු ඇත.

කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් වඩාත් වැඩි දායකත්වයක් ලබා දීමට එම සංවිධානයට හැකියාව ලැබෙනු ඇති අතර කලාපයෙන් ඔබ්බට වඩාත් බහුපාර්ශ්වික ස්වරූපයෙන් ක්‍රියා කිරීමේ හැකියාව ද ඉදිරියේ දී වර්ධනය වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද දේශපාලන උපදේශිකා ශිරාණි පෙරේරා මහත්මිය කියා සිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම