ඉදිරි මැතිවරණවලදී රාජ්‍ය දේපල අවභාවිත කිරීමට ඉඩ නොදෙන බව මැතිවරණ කොමිසම කියයි
2022-09-21 17:00:28
Share with:

ඉදිරි මැතිවරණවලදී රාජ්‍ය දේපල අවභාවිත කිරීමට ඉඩ නොදෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. එහි සභාපති නිමල් පුංචිහේවා මහතා සදහන් කලේ ඊට අදාළ යෝජනා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දැනටමත් ඉදිරිපත් කර ඇති බවයි. එම කාරක සභාවේ යෝජනා විධිමත්ව ක්‍රියාවට නැංවීම සදහා මැතිවරණ කොමිසන් සභාවේ ක්‍රියාමාර්ග ජනගත කිරීමට මාතර පැවැති සංවාදාත්මක වැඩමුඵවකදී ඔහු මේ බව කියා සිටියේය. ලබන මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම මැතිවරණ කොමිසන් සභාවේ අරමුණයි. නවක තරුණ තරුණියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවකාශ සකස් කළ පසු ඡන්දය පවත්වන දිනය ප්‍රකාශයට පත්කරන බවද ඔහු කීවේය.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම