සංචාරකයින් ගේ පැමිණීම ක්‍රමයෙන් ඉහළ යයි
2022-09-20 19:04:16
Share with:

මෙම වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ගත වූ කාලයේදී මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයාගෙන ඇති ආදායම ඩොලර් මිලියන 900ට ආසන්න වී තිබේ.

පසුගිය අගෝස්තු මාසයේ දී පමණක් සංචාරක කර්මාන්තයෙන් උපයා ගැනීමට සමත්ව තිබෙන ආදායම ඩොලර් මිලියන 67.9ක්වන අතර ඊට පෙර මාස හතක කාලයේ දී ලබා ඇති ආදායම ඩොලර් මිලියන 825ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. පසුගිය වසරේ සංචාරක කර්මාන්තයෙන් ලබා තිබෙන ආදායමට සාපේක්ෂව මෙම වසරේ ආදායම වර්ධනය කර ගැනීමට හැකිව තිබෙන අතර විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යෑම ඊට හේතුව වී ඇත.

යුරෝපීය රටවල් ගණනාවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ සංචාරක උපදේශන ලිහිල් කිරීමට ද පියවර ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම