පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් නීතියෙන් පිට කිසිවක් සිදු නොකරන බව අගමැති කියයි
2022-09-20 19:11:53
Share with:

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් නීතියෙන් පිට කිසිවක් සිදු නොකරන බව,අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ,  පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේ පවත්වන්නේදැයි, විපක්ෂය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයාද වන අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, දීර්ඝ කාලයක් සාකච්ඡා කර එම කාරක සභාව දුන් නිර්දේශවලට අදාළ ඇතැම් නීති කෙටුම්පත් සකස් කර ඇති බවය..

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම