බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට චීන උප ජනාධිපතිවරයා එක්වෙයි
2022-09-20 19:23:30
Share with:

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට චීන උප ජනාධිපති වං ඡි ශාන් මහතා එක් වේ.

චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා වශයෙන් වං ඡි ශාන් මහතා ඊයේ (19) ලන්ඩන් නුවර පැවති දෙවන එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගි විය. එම අවස්ථාවේදී චීන රජය හා චීන ජනතාව නියෝජනය කරමින් චීන උප ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය රාජකීය පවුල වෙත සිය ශෝකය පළ කළේ ය. බ්‍රිතාන්‍ය ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ දෙවන එළිසබෙත් මහ රැජින බ්‍රිතාන්‍යයේ ජාතික ජීවගුණය හා එක්සත්භාවයේ සංකේතයක් බවත්, ඇය චීන-බ්‍රිතාන්‍ය සම්බන්ධතා වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කළ බවත්, හෙතෙම චාල්ස් රජු හා බ්‍රිතාන්‍ය උප අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී  කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම