ඇමරිකාව විදේශයන්හි සිදු කළ හමුදා මැදිහත්වීම්හී විශ්මයජනක සංඛ්‍යාව මගින් එහි අධිපතිවාදී ස්වභාවය පිලිබිඹු ‍කෙරේ
2022-09-20 19:08:42
Share with:

ඇමරිකාව විදේශයන්හි සිදු කළ හමුදා මැදිහත්වීම්වල විශ්මයජනක සංඛ්‍යාව මගින්, ඇමරිකානු අධිපතිවාදී ස්වභාවය පිලිබිඹු කෙරෙන බව, චීන විදේශ අමාත්‍යංශය පවසයි.

ඇමරිකානු ස්වාධීන ගවේෂණාත්මක මාධ්‍යවේදි Benjamin Norton මහතා මෑතකදී එරට කොංග්‍රස් පර්යේෂණ සේවය විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත උපුටා දක්වමින් සඳහන් කළේ, 1798 වසරේ සිට 2022 වසර දක්වා, ඇමරිකාව විදේශයන්හි හමුදා මැදිහත්වීම් 469 ක් සිදු කර ඇති බවයි. සීතල යුද්ධය අවසන් වීමෙන් පසු වසර 30 කට වැඩි කාලයක් තුළ පමණක්, ඇමරිකාව එවැනි මැදිහත්වීම් 251 ක්  සිදු කර ඇත. මෙම සංඛ්‍යාව සීතල යුද්ධය අවසන් වීමට පෙර වසර 190කට වැඩි කාලයේ එකතුවට වඩා බෙහෙවින් වැඩි බව, Benjamin Norton මහතා සඳහන් කළේ ය.

ඇමරිකානු හමුදා මැදිහත්වීමේ ඉලක්කය ලෝකයේ අති බහුතරයක් රටවල් හා සම්බන්ධ බව ද අදාළ වාර්තා පෙන්වා දුන්නේ ය.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(20) පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ, ඇමරිකාව විදේශයන්හි සිදු කළ හමුදා මැදිහත්වීම් පිළිබඳ සංඛ්‍යා ලේඛන චීනය සැලකිල්ලට ගෙන ඇති බවයි.

"නීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙලට" ගරු කරන බව සහ එය පවත්වාගෙන යන බවට ඇමරිකාව නැවත නැවතත් ප්‍රකාශ කර ඇති නමුත්, මෙම දත්ත මගින් ඇමරිකානු සටන්කාමී ස්වභාවය සහ අධිපතිවාදී ස්වභාවය සම්පූර්ණයෙන්ම පිළිබිඹු කරන බව, Wang Wenbin මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම