ගෝලීය ආරක්ෂක මුලපිරුම ක්‍රියාත්මක කිරීමට එක්වන ලෙසට චීනයෙන් ජගත් ප්‍රජාවට ඉල්ලීමක්
2022-09-20 10:24:35
Share with:

ගෝලීය ආරක්ෂක මුලපිරුම ක්‍රියාත්මක කිරීමට එක්වන ලෙසට චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන රැස්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී හා සාධාරණ ජගත් පද්ධති ප්‍රශ්න ප්‍රශ්ණ ස්වාධීන විශේෂඥයන්ගේ සංවාදයේදී චීන නියෝජිතයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය. ගෝලීය ආරක්ෂක මුලපිරුම ක්‍රියාත්මක කරන ලෙසත් සැබෑ බහුපාර්ශ්වවාදය වෙනුවෙන් කටයුතු කරන ලෙසත් චීන නියෝජිතයා  එහිදී විවිධ පාර්ශ්වයන් ගෙන් ඉල්ලා සිටියේය.

ඇමරිකාව ඇතුළු ඇතැම් බටහිර රටවල දේශපාලන අරමුණු මත, වෙනත් රටවල් හා සම්බන්ධ අසත්‍ය තොරුතුර නිර්මාණ කර ප්‍රචාරය කරමින් සිටී. ඔවුන් ඊනියා මානව හිමිකම් ගැටළු දක්වමින් අයුතු ලෙස වෙනත් රටවල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වන බව චීන නියෝජිතයා පවසා ඇත. එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා මූලධර්මයන් දැඩි ලෙස උල්ලංඝණය කරමින් බහුපාර්ශ්වවාදය හා ජගත් පද්පධියට දරුණු ලෙස හානි කරන්නකි. එවැනි ක්‍රියවන් ට ජගත් ප්‍රජාව පොදුවේ විරෝධය පළ කළ යුතු බවත් මානව හිමිකම් මුවාවෙන් සිදුකරන දේශපාලනීකරණ හා විවිධ උපකරණ භාවිත ප්‍රවණතාවන්ට විරෝධය පළ කළ යුතු බවත් චීන නියෝජිතයා සඳහන් ‍කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම