දෙවන එළිසබෙත් මහ රැජින අවසන් ගමන් යයි
2022-09-20 09:56:08
Share with:

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජින ගේ අවමංගල්‍යය ඊයේ (19) ලන්ඩන් නුවර දී පැවැත්විණ.

1965 හේ දී එරට හිටපු අගමැති වින්ස්ටන් චර්චිල් මහතාගේ අභාවයෙන් පසු, බ්‍රිතාන්‍යය යළි ඉහළ මට්ටමේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවයක් පැවැත් වූ අවස්ථාව මෙයයි. ඊයේ (19) එරට ඇතැම් වාණිජ පහසුකම්, තැපැල් කාර්යාල, සුපිරි වෙළඳසැල් සහ පාසල් ද වසා දමා තිබිණ.

පසුගිය 8 වැනිදා ස්කොට්ලන්තයේ බල්මෝරල් මාලිගයේදී දෙවන එළිසබෙත් මහ රැජින මිය යන විට 96 වෙනි වියෙහි පසු වූවාය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම