චීනය හා ටෝගෝ ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50වැනි සංවත්සරයට දෙරටේ ජනපතිවරුන් ගෙන් සුබ පැතුම්
2022-09-19 19:14:24
Share with:

චීනය හා ටෝගෝ ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50වැනි සංවත්සරයට දෙරටේ ජනාධිපතිවරු අන්‍යෝන්‍ය වශයෙන් සුභ පැතුම් පණිවුඩ පිරිනමති.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  තම සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දුන්නේ, චීනය හා ටෝගෝ ජනරජය අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය ගැඹුරු බවයි. ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනයට තමා විශාල වැදගත්කමක් ලබා දෙන බවද හෙතෙම කියා සිටී. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50වැනි සංවත්සරය නිමිත්තෙන්, Faure Essozimna Gnassingbé මහතා සමඟ, ද්විපාර්ශ්වික සබඳතා නව තලයකට ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය.

ටෝගෝ ජනරජයේ ජනාධිපති Faure Essozimna Gnassingbé මහතා පෙන්වා දුන්නේ, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ගතවූ වසර 50ක් තුළ, දෙරට අතර හවුල්කාරීත්වය ස්ථිර හා ඵලදායී බවයි. චීනය සෑම විටම  අප්‍රිකානු රටවල් කෙරෙහි දක්වන සහයෝගය කෙරෙහි ටෝගෝ ජනරජය ප්‍රශංසා කරයි.එකම චීනය මූලධර්මය ටෝගෝ ජනරජය අඛණ්ඩව අනුගමනය කරන බව, Faure Essozimna Gnassingbé මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම