ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර පිළිබඳව ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සියලුම බාහිර ණය හිමියන් දැනුවත් කිරීමට පියවර
2022-09-19 18:42:11
Share with:

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සියලුම බාහිර ණය හිමියන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹි එකඟතාව පිළිබඳ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර පිළිබඳව එළඹෙන 23  වීඩියෝ තාක්ෂණය ඔස්සේ දැනුවත් කිරීමට සැලසුම් කෙරේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා මාස 48 ක් තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීම සඳහා පසුගිය 1 වැනිදා ශ්‍රී ලංකා රජය,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ මූලික එකඟතාවකට පැමිණියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹී එකඟතාවය පිළිබඳ සහ ආර්ථිකයේ ඇති වූ වර්ධනයන් පිළිබඳව එළඹෙන 23 වැනිදා ශ්‍රී ලංකාව තම බාහිර ණය හිමියන්ව මාර්ග ගතව දැනුවත් කරනු ඇතැයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ නීති උපදේශන කටයුතු සඳහා ශ්‍රී ලංකාව සේවය ලබා ගත් ක්ලිෆර්ඩ් චාන්ස් නීති සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම