ශංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 22 වන රැස්වීමේදී චීන ජනාධිපතිවරයා පැවැත්වූ දේශනයට ජගත් ප්‍රජාවෙන් උණුසුම් ප්‍රතිචාර
2022-09-19 10:32:28
Share with:

ශංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 22 වන රැස්වීමේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැවැත්වූ දේශනයට ජගත් ප්‍රජාව උණුසුම් ප්‍රතිචාර දක්වති.

වර්තමානය මත මෙන්ම අනාගතය උදෙසා වන එම දේශනය, ශංහයි සහයෝගිතා සංවිධානයේ සංවර්ධනයට වැදගත් උපදෙස් ලබා දෙමින් එම සංවිධානයේ වඩා සමීප පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීම ඉදිරියට ගෙන යාම සඳහාවූ අවංකකත්වය හා අධිෂ්ඨානය තහවුරු කර ඇත.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය Muhammad Shehbaz Sharif මහතා පැවසුවේ ශංහයි සහයෝගිතා සංවිධානය තුළ විවිධ සහයෝගිතා ක්ෂේත්‍ර වල චීනය වැදගත් කාර්යභාරයන් ඉටු කරන අතර ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය ආරක්ෂක මුලපිරුම කෙරෙහි පාකිස්ථානය ප්‍රසාදය පළ කරන බවයි.

ෂී ජිංන්පිං මහතා සිය දේශනය තුළ වඩා සමීප ශංහයි සහයෝගිතා සංවිධානයේ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනගන ලෙස ඉල්ලා සිටි බවත් එය පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යන චින්තනය උරුම කර ගැනීමක් බවත් ශංහයි සහයෝගිතා සංවිධානයේ හිටපු මහා ලේකම්, කසක්ස්ථානයේ විදේශ අමාත්‍යංශයේ විදේශ ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ Bolat Nurgaliyev මහතා පැවසීය.  

ශංහයි සහයෝගිතා සංවිධානයේ සංවර්ධනයට ඉමහත් දායකත්ව ලබා දුන් චීනය සංවර්ධිත යෝජනා හා සංකල්ප රැසක් ඉදිරිපත් කිරීමෙන් පමණත් නොව සැබෑ ක්‍රියාවන් මගින් එම සංවිධානයේ සංවර්ධනය ඉදිරියට ගෙන ගිය බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ශංහයි සහයෝගිතා සංවිධානයේ විධිමත් සංවර්ධනයට චීනය ස්ථීර ලෙස අනුබල දෙමින් කලාපීය සහයෝගිතා ශක්තිය දිරිමත් කර සැබෑ බහුපාර්ශ්වවාදය ක්‍රියාත්මක කරමින් ලෝක පරිපාලන පද්ධතිය වඩාත් සාධාරණ මෙන්ම වඩාත් විධිමත් දිශාවට ගෙන යාම ෂී ජින්පිං මහතා ගේ දේශන මගින් පෙන්වා දී ඇති බවද ජගත් ප්‍රජාවේ විවිධ පුද්ගලයන් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම