අනාගත ලෝකයේ සුරක්ෂිතතාවය තහවුරු කරන චීනයේ බහුපාර්ශවික සංවර්ධන ප්‍රවේශය
2022-09-19 11:42:39
Share with:

ලෝකයේ ආර්ථික හා දේශපාලනය බලය බටහිරින් විතැන් වෙමින්, චීනය ප්‍රමුඛ ආසියාවට කේන්ද්‍ර වෙමින් පවතින බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරති. ලෝකයේ සිදුවන නව ප්‍රවණතාවන් තුළ ආසියාව වඩා වැදගත් කලාපයක් බවට පත් වී ඇත. මෙම 21 වන සියවස ආසියාවේ සියවස ලෙස ලෝකයේම පිළිගැනීම වී තිබේ. ලෝක ජනගහනයෙන් සියයට 60ක් පමණ ආසියාව නියෝජනය කරති. 17 වන සියවස දක්වාම ලෝක ආර්ථික මධ්‍යස්ථානය වූයේ ආසියාව වුව ද, පසුව එය යුරෝපයට විතැන් විය. නමුත් වර්තමානයේ ලෝක ආර්ථික කේන්ද්‍රය බටහිර සිට නැවත පෙරදිගට සංකේන්ද්‍රණය වනු දක්නට හැකි බව ද මහාචාර්ය ස්වාමීන් වහන්සේ පෙන්වා දෙයි.

තාක්ෂණය, ප්‍රාග්ධනය, වෙළෙඳාම සහ ආයෝජනය තුළ වේගවත් සංවර්ධනයකට ආසියාව ළගා වෙමින් සිටී. ඒ අනුව ආසියාව අනාගත ලෝක ආර්ථිකයේ ප්‍රමුඛයා බවට පත් වනු ඇත. චීනය මේ සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දෙයි. චීනය සිය ස්ථාවර ආර්ථිකය තුළ ප්‍රධාන සාධක වාර්තාගත ලෙස යහපත් මට්ටමක පවත්වා ගෙන යමින් වර්තමානයේ වැදගත් භූමිකාවක් ඉටු කරමින් සිටී.

සෙසු රටවල් සමග සහයෝගී සංවර්ධන ප්‍රවේශයක් තුළ චීනය කටයුතු කිරීම ලෝක ක්‍රමය තුළ වඩා සුවිශේෂී ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. චීනය ආසියාවේ ප්‍රමුඛයා බවට පත් වීම ලෝකයේ ඉදිරි පැවැත්මට  හා ආරක්ෂාවට වඩා වැදගත් වේ. එක් බලයක් යටතේ පාලනය වූ අතීත ලෝක ක්‍රමය වෙනස් කරමින්, බහුපාර්ශ්වික ප්‍රවේශයක් තුළ චීනයේ මැදිහත්වීම අනාගත ලෝකයේ සුරක්ෂිතභාවයට වඩාත් ඉවහල් වනු ඇති බව ද මහාචාර්ය විජිතපුරේ විමලරතන ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම