Shanghai සහයෝගිතා සංවිධානය ප්‍රායෝගික බහුපාර්ශ්වවාදය තහවුරු කරනු ඇති බව විද්වත්හූ පවසති
2022-09-18 15:36:17
Share with:

Shanghai සහයෝගිතා සංවිධානය ප්‍රායෝගික බහුපාර්ශ්වවාදය තහවුරු කරනු ඇති බව රටවල් රැසක විද්වත්හූ පවසති.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 16වැනි දා Shanghai සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායක කවුන්සිලයේ 22වැනි සමුළුවට එක්වෙමින් දේශනයක් පැවැත්වීය. එහි සඳහන් ‘ Shanghai ජීවගුණය ’, එම සංවිධානය තවදුරටත් පුළුල් කිරීමේ අධ්‍යාත්මික කේන්ද්‍රය හා ශක්තිජනක උල්පතක් වන අතර එය රටවල් රැසක ආකර්ෂණය‍ට ලක්ව ඇති බව විවිධ රටවල විද්වතුන්ගේ අදහස වී ඇත.

තුර්කියේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති අධ්‍යයනාංශ ප්‍රධානියා පවසන්නේ ෂී ජින් පිං ජනාධිපතිවරයා විසින් අදාළ රටවල් එක්සත් කරනු ලැබීම ඓතිහාසික පියවරක් බවයි. මෙය ජාත්‍යන්තර නව පටිපාටියට ඇතුළු වීමේ නව පිළිබිඹුවක් බව ද එම ප්‍රධානියා පවසයි.

දකුණු අප්‍රිකාවේ සංවර්ධතාත්මක ව මතභේද විසඳීමේ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයා කියා සිටින්නේ ගෝලීය සාමය හා සුරක්ෂිතභාවය සඳහා වන සංවර්ධනය ඉතා වැදගත් බවයි. චීනය විසින් ඉදිරිපත් කෙරුණු ‘ ගෝලීය ආරක්ෂක මුලපිරුම ’ එය සාක්ෂාත් කරගැනීමට ‘ චීන සැළැස්ම ’ සපයා ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම